General26 August 2026

මහින්දානන්ද අලුත්ගමගේට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 4 යළි කැඳවයි

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාලව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් 4 යළි කැදවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (25) දින නියම කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරින් වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල පළමු වන සැකකරු වන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධියට අදාල දෙවන සැකකරු වන මහේෂ් ලසන්ත ගම්මන්පිල අධිකරණයේ පෙනි සිටියා.

ප්‍රමිතියෙන් තොර චීන කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධියට අදාලව මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබෙනවා.

අදාළව මූලික විමර්ශන කටයුතු අවසන් බවත් උදෘත ගොනු කිරීමට කටයුතු කරන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 4 යළි කැඳවිමට නියමිතයි.

මේ වන විට මහින්දානන්ද අලුත් ගමගේ වෙනත් නඩුවකට අදාලව සිර දඬුවම් ලබා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes