General26 August 2026

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරේ

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කර තිබෙනවා.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ ලිපිය ඔහු අද දිනයේ අත්සන් තැබූ බවයි.

හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ සැප්තැම්බර් පළමුවනදා සිට එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අද්මිරාල් කාංචන බානගොඩ ඉන් විශ්‍රාම ගනු ලැබුවේ පසුගිය ජුලි මාසයේදීයි.
Related recommendation
Hiru TV News | Programmes