General26 August 2026

මහනුවර අවසන් රන්දෝලි පෙරහර හෙට: විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හෙට (27) පැවැත්වෙන අවසන් රන්දෝලි මහ පෙරහර වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරී, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මඟ පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

හෙට පැවැත්වෙන අවසන් රන්දෝලි මහ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ වීථි සංචාරය කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතයි.

පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය තුළ රථවාහන ගමනාගමනය සඳහා විශේෂ විකල්ප මාර්ග පනවා ඇති බවද පොලිසිය පැවසුවා.

මේ අතර, මහනුවර දළදා මාලිගාවේ 4 වැනි රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ විථි සංචාරය කෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes