General26 August 2026

කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයට

රැඳවුම් නියෝග මත සිට ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෝරළගමගේ මන්දිනු පත්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ අදාළ නඩුව කැඳවූ අතර එහිදී එම සැකකරුගේ නීතිඥයින් කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බැවින් ඔහු වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙස අධිකරණය බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර තිබුණා.

ඒ අනුවයි සැකකරු ඊයේ පස්වරුවේම බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes