General26 August 2026

කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි

රැකියා වීසා ලබා දී කැනඩාවේ පදිංචිය සඳහා යොමු කරන බව පවසමින්, ව්‍යාජ ලේඛණ ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේ වනවිට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වනවා.

ඩුබායි සිට ක්‍රියාත්මක කරන මෙම ජාවාරමට වැඩි වශයෙන් ගොදුරු කර ගන්නේ තරුණ, තරුණියන් වන අතර අද CIA අනාවරණය ඒ පිළිබඳවයි.

කැනඩාවේ රැකියා වීසා ලබා දෙන බව පවසා ද්‍රවිඩ තරුණ තරුණියන් වැඩි වශයෙන් මෙම ජාවාරමට ගොදුරු කර ගැනීමට මුලික සැලසුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයෙකු විසින්.

ඔහු සමග දුරකථන ඇමතුමකින් සම්බන්ධ වූ කාන්තාවකට කැනඩා රැකියා ලබාදෙන අකාරය අදාළ පුද්ගගලයා හෙළි කර තිබුණා.

එහිදී ඔහු පවසා තිබුණේ කොළඹ ඉන්න දෙන්නෙක් එක්ක කතා කරන ලෙසයි.

ඒ දෙන්නා වයසක දෙන්නෙක් බවත් ඔවුන් දෙන්නා පවසා තිබුණේ සම්පූර්ණ මුදල ලක්ෂ 45ක් බවයි.

ඒ අනුව වයස්ගත පුද්ගලයින් දෙදෙනා, කැනඩා රැකියා බලාපොරොත්තුවෙන් සිටි තරුණ තරුණියන් කොළඹට කැඳවා ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද කටයුතු කර තිබුණා.

මේ අතර ඇඟිලි සලකුණු සඳහා මෙන්ම වීසා හා ගුවන් ටිකට්පත් සඳහා ද මෙම ජාවාරමට සම්බන්ධ වයස්ගත පුද්ගලයින් දෙදෙනා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් තරුණයින්ගෙන් ලබාගෙන තිබෙනවා.

අවස්ථා ගණනාවකදී කැනඩා රැකියා සඳහා තරුණයින්ගෙන් මුදල් ලබාගත් මෙම පුද්ගලයින් පසුව දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොදී තරුණයින් මඟහැර තිබෙනවා.

ඒ අනුව, මෙම රැකියා වීසා පිළිබඳව සැකසිතූ තරුණයින් මෙරට කැනඩා තානාපති කාර්යාලයට මෙම වීසා රැගෙන ගොස් විමසීමේදී එහි නිලධාරීන් පවසා ඇත්තේ මේවා ව්‍යාජ ලෙස සකස් කළ වීසා බවයි.

මෙම ව්‍යාජ කැනඩා වීසා ජාවාරම හිරු CIA හරහා හෙළිකරන බව අනාවරණ වීමත් සමග අදාළ කාන්තාවට වට්ස්ඇප් හරහා හඬපටයක් යොමු කරමින් ඩුබායි හි සිටින ප්‍රධාන ජාවාරම්කරු තර්ජන එල්ල කර තිබුණේ

"තෝ දැනගනින්, තෝ ඉන්න තැන මම ඔක්කොම දන්නවා වැඩිය දඟලන්න එපා. අපි කවුද කියලා උඹ දන්නෙත් නැහැ. උඔට වැඩිය මිනිස්සු මං දැකලත් තියනවා. උඹට වැඩිය මිනිස්සුන්ගෙන් මං සල්ලි අරගෙනත් තියනවා. වැඩිය දඟලන්න එපා.. එච්චරයි" යනුවෙන් පවසමින්.

මෙම ජාවාරම්කරුවන්ගේ හෙට දිනයේ ගොදුර ඔබ විය හැකි බැවින්, අපගේ මෙම අනාවරණය ඒ පිළිබඳව දැනුවත් කර, ඔබ ඉන් මුදා ගැනීම සඳහායි.
Related recommendation
Hiru TV News | Programmes