රැකියා වීසා ලබා දී කැනඩාවේ පදිංචිය සඳහා යොමු කරන බව පවසමින්, ව්‍යාජ ලේඛණ ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේ වනවිට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වනවා.
ඩුබායි සිට ක්‍රියාත්මක කරන මෙම ජාවාරමට වැඩි වශයෙන් ගොදුරු කර ගන්නේ තරුණ, තරුණියන් වන අතර අද CIA අනාවරණය ඒ පිළිබඳවයි.
කැනඩාවේ රැකියා වීසා ලබා දෙන බව පවසා ද්‍රවිඩ තරුණ තරුණියන් වැඩි වශයෙන් මෙම ජාවාරමට ගොදුරු කර ගැනීමට මුලික සැලසුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයෙකු විසින්.
ඔහු සමග දුරකථන ඇමතුමකින් සම්බන්ධ වූ කාන්තාවකට කැනඩා රැකියා ලබාදෙන අකාරය අදාළ පුද්ගගලයා හෙළි කර තිබුණා.
එහිදී ඔහු පවසා තිබුණේ කොළඹ ඉන්න දෙන්නෙක් එක්ක කතා කරන ලෙසයි.
ඒ දෙන්නා වයසක දෙන්නෙක් බවත් ඔවුන් දෙන්නා පවසා තිබුණේ සම්පූර්ණ මුදල ලක්ෂ 45ක් බවයි.
ඒ අනුව වයස්ගත පුද්ගලයින් දෙදෙනා, කැනඩා රැකියා බලාපොරොත්තුවෙන් සිටි තරුණ තරුණියන් කොළඹට කැඳවා ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද කටයුතු කර තිබුණා.
මේ අතර ඇඟිලි සලකුණු සඳහා මෙන්ම වීසා හා ගුවන් ටිකට්පත් සඳහා ද මෙම ජාවාරමට සම්බන්ධ වයස්ගත පුද්ගලයින් දෙදෙනා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් තරුණයින්ගෙන් ලබාගෙන තිබෙනවා.
අවස්ථා ගණනාවකදී කැනඩා රැකියා සඳහා තරුණයින්ගෙන් මුදල් ලබාගත් මෙම පුද්ගලයින් පසුව දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොදී තරුණයින් මඟහැර තිබෙනවා.
ඒ අනුව, මෙම රැකියා වීසා පිළිබඳව සැකසිතූ තරුණයින් මෙරට කැනඩා තානාපති කාර්යාලයට මෙම වීසා රැගෙන ගොස් විමසීමේදී එහි නිලධාරීන් පවසා ඇත්තේ මේවා ව්‍යාජ ලෙස සකස් කළ වීසා බවයි.
මෙම ව්‍යාජ කැනඩා වීසා ජාවාරම හිරු CIA හරහා හෙළිකරන බව අනාවරණ වීමත් සමග අදාළ කාන්තාවට වට්ස්ඇප් හරහා හඬපටයක් යොමු කරමින් ඩුබායි හි සිටින ප්‍රධාන ජාවාරම්කරු තර්ජන එල්ල කර තිබුණේ
"තෝ දැනගනින්, තෝ ඉන්න තැන මම ඔක්කොම දන්නවා වැඩිය දඟලන්න එපා. අපි කවුද කියලා උඹ දන්නෙත් නැහැ. උඔට වැඩිය මිනිස්සු මං දැකලත් තියනවා. උඹට වැඩිය මිනිස්සුන්ගෙන් මං සල්ලි අරගෙනත් තියනවා. වැඩිය දඟලන්න එපා.. එච්චරයි" යනුවෙන් පවසමින්.
මෙම ජාවාරම්කරුවන්ගේ හෙට දිනයේ ගොදුර ඔබ විය හැකි බැවින්, අපගේ මෙම අනාවරණය ඒ පිළිබඳව දැනුවත් කර, ඔබ ඉන් මුදා ගැනීම සඳහායි.

Latest News
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026
IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳිය නොහැකියි – දිනන දකුණ
Local
28 August 2026
නුවරඑළියේ පාසල් 400 කට 'ගෙවතු වගා' පෝෂණ වැඩසටහනක් - ප්‍රතිලාභීන්ට කෘෂි උපකරණ
Local
28 August 2026