General27 August 2026

උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (27) යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්ට වැදගත් පොහොයක්.

ඇසළ පුර පසළොස්වක පෝ දිනට පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා, නිකිණි පෝය දින පසුවස් සමාදන් වීම සිදු වෙන්නේ මෙම පොහොය දිනයේයි.

බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වූයේ ද අද වැනි දවසකයි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම ද මෙම පෝය දිනක සිදුව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes