International27 August 2026

කොලොම්බියාවට 5.1ක භූ කම්පනයක්

කොලොම්බියාවේ ප්‍රදේශ කිහිපයකට රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඊයේ (26) ඇතිවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනයෙන් මේ වනවිට කිසිදු හානියක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි.

භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය කොලොම්බියාවේ ඊසානදිග ප්‍රදේශයේ ලොස් සැන්ටොස් නගර සභා බල ප්‍රදේශය ආසන්නයේ පිහිටා ඇති අතර, එය කිලෝමීටර් 149ක් පමණ ගැඹුරින් සිදුවී තිබෙනවා.

භූ කම්පනයත් සමග බුකාරමන්ගා නගරයේ අනතුරු ඇඟවීමේ සයිරන් ක්‍රියාත්මක වී ඇති අතර, ජනතාව සිය ගණනක් ගොඩනැගිලිවලින් ඉවත් වී ඇති බව සඳහන්.

එමෙන්ම කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා නගරයේ ද අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වී ඇති අතර, ඇතැම් පුද්ගලයින්ට පොළොව සෙලවීම දැනී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes