සජීවී කෘත්‍රිම බුද්ධි (AI) සහාය ලබාගනිමින් මොළයේ සැත්කමකට භාජනය වූ ලොව පළමු රෝගියාගේ මොළයේ තිබූ ගෙඩිය සාර්ථකව ඉවත් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆර්ඩ්ෂයර් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන 48 හැවිරිදි රයිස් හිබට් මෙම සැත්කමට ලක්ව ඇති අතර, ඔහුගේ පෙනීම අහිමි වීමේ අවදානමක් පැවති බව ලන්ඩන් විශ්වවිද්‍යාල රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් සඳහන් කර ඇති බව BBC පුවත් සේවය සඳහන් කරනවා.
සැත්කම සිදුකරන අතරතුර එහි වීඩියෝ දර්ශන සජීවීව විශ්ලේෂණය කළ AI මෙවලම, මොළය තුළ සැඟවී ඇති වැදගත් රුධිර නාල සහ ස්නායු මගහැරීම සඳහා ශල්‍ය වෛද්‍යවරුන්ට මාර්ගෝපදේශ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හරහා අවදානම අවම කරමින් ගෙඩියෙන් හැකි උපරිම ප්‍රමාණයක් ආරක්ෂිතව ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට මාස 18කට පමණ පෙර වනතුරු හිබට් නිරෝගීව සිට ඇති අතර, සෑම දිවා ආහාර විවේකයකදීම කිලෝමීටර් තුනකට අධික දුරක් ඇවිදීමටද පුරුදුව සිටි බව සඳහන්.
කෙසේ වෙතත් එවැනි ඇවිදීමක් අතරතුරදී හදිසියේ සිහිසුන්ව මාර්ගයේ ඇදවැටීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබෙනවා.
එහිදී ඔහුගේ හිස්කබලේ පිහිටි පිටියුටරි ග්‍රන්ථියේ මිලිමීටර් 11ක පමණ, පිළිකාමය නොවන ගෙඩියක් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
වර්ධනය, පරිවෘත්තීය ක්‍රියාවලිය, රුධිර පීඩනය සහ ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම සඳහා වැදගත් හෝමෝන නිකුත් කරන මෙම ග්‍රන්ථිය මොළයට රුධිරය සපයන ප්‍රධාන රුධිර නාල සහ පෙනීම පාලනය කරන දෘෂ්ටි ස්නායු ආසන්නයේ පිහිටා තිබෙනවා.
ගෙඩිය ක්‍රමයෙන් ස්නායුව මත පීඩනය යෙදීම හේතුවෙන් හිබට්ගේ පැති පෙනීම ද ක්‍රමයෙන් සීමා වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නව AI තාක්ෂණ ක්‍රමවේදය මගින් මොළයේ සංකීර්ණ සැත්කම්වලදී වෛද්‍යවරුන්ට තීරණ ගැනීමට සහ වැදගත් ස්නායු හා රුධිර නාල ආරක්ෂා කර ගැනීමට නව ආධාරකයක් ලැබෙන බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

Latest News
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026