General27 August 2026

අම්බලන්ගොඩ සිද්ධියට පොලිසියේ තවත් දෙදෙනෙකුට ස්ථාන මාරු

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ පසුගියදා සිදුවූ සිද්ධියට අදාළව එම පොලිසියේ තවත් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාද මීට පෙර ස්ථාන මාරු කෙරුණා.

මෙම සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයෙකු යටතේ ආරම්භ කළ විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි.

අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් තරුණයෙකු, අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.

පොලිසිය සඳහන් කළේ, එම වීඩියෝවේ පියා ලෙස හඳුන්වා ඇති පුද්ගලයා බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසරමින් සිටීම නිසා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබූ බවයි.
Related recommendation
Hiru TV News | Programmes