International27 August 2026

නේපාලයේ දැවැන්ත ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට : දිස්ත්‍රික්ක 8කින් මළසිරුරු හමු වෙයි

නේපාලයේ ඇතිවූ දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව අද (27) පස්වරු 5.00 වන විට 359 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරනවා.

නේපාල පොලිස් මාධ්‍ය ප්‍රකාශක අබි නාරායන් කෆ්ලේ (Abi Narayan Kafle) සඳහන් කළේ, ප්‍රධාන දිස්ත්‍රික්ක 8කින් මේ වන විට සිරුරු සොයාගෙන ඇති බවයි.

ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව පහත පරිදි වනු ඇති,

චිට්වාන් (Chitwan): මරණ 132

නවාල්පරාසි නැගෙනහිර (Nawalparasi East): මරණ 82

ධාඩිං (Dhading): මරණ 33

ගෝර්කා (Gorkha): මරණ 30

නුවාකොට් (Nuwakot): මරණ 28

තනහුන් (Tanahun): මරණ 22

රසුවා (Rasuwa): මරණ 17

නවාල්පරාසි බස්නාහිර (Nawalparasi West): මරණ 15

රසුවා (Rasuwa) දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙම ගංවතුර තත්ත්වය ත්‍රිශුලී (Trishuli) සහ නාරායනී (Narayani) ගංඟා පද්ධති ඔස්සේ පහළට ගලා යාමත් සමඟ මාර්ග, පාලම්, නිවාස ඇතුළු යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුවුණා.

මේ වන විට නේපාල පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මගින් විපතට පත් ප්‍රදේශවල සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් වේගවත් කර ඇති අතර, අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් සුරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මූලාශ්‍රය - kathmandu post / බීබීසී

Related recommendation
Hiru TV News | Programmes