General27 August 2026

කෝටි 7ක මත්ද්‍රව්‍ය සමග මාතර අඹුසැමි යුවළක් පොලිස් අත්අඩංගුවට

මාතර දුම්රිය ස්ථානය අසල පිහිටි රූපලාවන්‍යාගාරයක් පරීක්ෂාවට ලක් කිරීමේදී රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක්.

මාතර සහකාර පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම සිදුකර තිබෙනවා.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාරගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ සහ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති අශෝක ප්‍රියංකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes