General27 August 2026

ජනපති අනුර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී


ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහනුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පස්වරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් උතුම් දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

මේ අතර, පෙරහර මංගල්‍යය වෙනුවෙන් දළදා මාළිගාව වෙත පැමිණ සිටි ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේද තොරතුරු විමසා සිටියා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes