General28 August 2026

මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම

දුෂණ චෝදනාවත් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාරට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම පවසා සිටියේ සිද්ධියට අදාලව මූලික විමර්ශන කටයුතු අවසන් බැවින් නෛතික ක්‍රියාමාර්ග දැනුම් දීමට දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 18 වන දින නියම කළා.

සිද්ධියට අදාළ සැකකරු විවෘත අධිකරණයේ පෙනී සිටියා.

පසුගිය රජය සමයේ කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයන් යැවීමේදී ඇමැති ධුරය අවභාවිත කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් කළ බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන මෙම සැකකරු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes