General28 August 2026

කොළඹ රජ කරන මීයෝ......

ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ මී ගහණය සීග්‍ර ලෙස ඉහළ යාමෙක් පෙන්නුම් කරන අතර, ඒ හේතුවෙන් දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ජනතාව ඉල්ලා සිටින්නේ, ජල භීතිකා රෝගය, මහාමාරිය වැනි මාරාන්තික රෝග පතුරවන සත්ත්වයෙකු ලෙස සැලකෙන බැවින් මෙම මී උවදුරට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

එමෙන්ම කොළඹ නගරයේ ප්‍රධාන හෝටල්, ආපනශාලා, වෙළෙඳසැල්වලට ද මීයන් ගහණය සීග්‍රයෙන් ඉහළ යාම නිසා දැඩි බාධා එල්ලවී ඇති බවට ජනතාව චෝදනා කරනවා.

එමෙන්ම නගරය පුරා තැන තැන එක්රැස්වී ඇති කසළ ආහාරයට ගැනීම පුරුද්දක් කරගත් මීයන් මේ වනවිට කොළඹට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යයට ද එල්ල කරන්නේ දැඩි තර්ජනයක්.

මෙම මීයන් විවිධ ස්ථානවල නවාතැන් සකසා ගැනීම හේතුවෙන් දේපළ සහ වෙනත් භූමි ද විනාශයට ලක්ව තිබෙනවා.

ඒ අනුව, කසළ නිසි ලෙස බැහැර කිරීම, ආහාර සුරක්ෂිතතාව, කාණු පද්ධති පවිත්‍රව තබා ගැනීම මගින් මෙම මීයන් මර්දනයට දායකත්වය ලබා දිය හැකි අතර, ඒ සඳහා බලධාරීන්ටත් කොළඹ නගරයේ වෙසෙන සහ කොළඹට පැමිණෙන ජනතාවටත් ඇත්තේ එක හා සමාන වගකීමක්.


Related recommendation
Hiru TV News | Programmes