යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහ ඒ වෙනුවෙන් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළකරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කරනවා.
එම සංගමය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, බලතල වෙන් කිරීමේ මූලධර්මය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම එක් වෘත්තීය කණ්ඩායමකට පමණක් සීමා වූ වගකීමක් නොව සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් වන බවයි.
විශේෂයෙන්ම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය හෝ විශ්‍රාම වයස වෙනස් කිරීම වැනි කරුණු සාමාන්‍ය පරිපාලනමය සංශෝධනයක් ලෙස සැලකිය නොහැකි බවත්, එවැනි වෙනස්කම් සිදුකිරීමේ ක්‍රමවේදය සහ කාලය මගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි ඇති මහජන විශ්වාසයට බලපෑමක් විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙනවා.
එමෙන්ම, අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් හෝ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීමේදී, අධිකරණයේ ආයතනික ස්වාධීනත්වය හෝ මහජන විශ්වාසය දුර්වල නොවන ආකාරයෙන් අදාළ ක්‍රියාමාර්ග ගතයුතු බව දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරනවා.
මෙය නීතිඥ ක්ෂේත්රයට පමණක් අදාළ කරුණක් නොව සමස්ත ජනතාවගේම අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදී පාලනය පිළිබඳ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බැවින්, ස්වාධීන අධිකරණයක් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් නීතිඥ සංගමය ගෙන යන වැඩපිළිවෙලට ඉදිරියටත් සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සහ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකරගේ අත්සනින් යුතුව යොමුකළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Latest News
විශ්වයේ අබිරහස් සෙවීමට නාසා හි නවතම රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට
Local
31 August 2026
දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි - සජිත් ප්‍රේමදාස
Local
31 August 2026
22ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් - හෙට සලකා බැලෙයි
Local
31 August 2026
පළමු මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි
Local
31 August 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
Local
31 August 2026
අධිවේගී මාර්ගයේ ඉකුත් සතියේ ආදායම මිලියන 408ක්
Local
31 August 2026
අර්චුනාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලීමක්
Local
31 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට
Local
31 August 2026
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
Local
31 August 2026