General30 August 2026

වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ

පිළියන්දල - කොට්ටාව මාර්ගයේදී වෑන් රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් හත් දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අධිබල විදුලි කණුවක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිස කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරට හේතුව රියැදුරුට නින්ද යෑම බවටයි පොලිසිය සැක කරන්නේ.

අනතුර හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes