පුද්ගලයන් රැසකට ජීවිත අහිමි කරමින් නේපාලයට බලපෑ ක්ෂණික ගංවතුරින් පසු, එරට මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට 11 දෙනෙකුගෙන් යුත් ඉන්දීය කණ්ඩායමක් නේපාලය වෙත ළඟා වී තිබෙනවා.
වාර්තාවලට අනුව තවත් 2,000කට ආසන්න පිරිසක් තවමත් අතුරුදහන්ව සිටින බවයි සඳහන්.
නේපාල රජය කළ ඉල්ලීමකට අනුව යවන ලද මෙම කණ්ඩායමට වෛද්‍ය කාර්ය මණ්ඩල සහ උමං මාර්ග මුදාගැනීමේ විශේෂඥයෝ ඇතුළත්.
ඉන්දීය තනාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ, මෙම කණ්ඩායම ගංවතුරෙන් දැඩි ලෙස හානියට පත් ප්‍රදේශවල මුදවාගැනීමේ කටයුතු සඳහා සහාය වන බවයි.
පසුගිය බදාදා නේපාලයේ රාසුවා ඇතුළු මධ්‍යම ප්‍රදේශ කිහිපයකට බලපෑ මෙම ක්ෂණික ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් තිබෙනවා.
මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ජනාවාස, මාර්ග, පාලම් මෙන්ම ජල විදුලි යටිතල පහසුකම් රැසකටද දැඩි හානි සිදුවුණා.
නේපාලයේ දුෂ්කර භූමි ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් ඇති බැවින්, මුදවාගැනීමේ කටයුතු සඳහා සිය රටේ ආරක්ෂක අංශ මුලින් යෙදවීමට ප්‍රමුඛතාව දෙන බව නේපාලය ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛානාල් සඳහන් කළේ, සංකීර්ණ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂ තාක්ෂණික දැනුම අවශ්‍ය වන අවස්ථාවලදී ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට නේපාලය සූදානම් බවයි.
මේ අතර, ගංවතුරෙන් විනාශ වූ ප්‍රදේශවල බේලි වර්ගයේ තාවකාලික පාලම් 42ක් ඉදි කිරීම සඳහාද නේපාලය ඉන්දියාවෙන් සහ චීනයෙන් සහාය ඉල්ලා තිබෙන බව වාර්තා වනවා.
බර යන්ත්රසූත්ර හෝ විශේෂිත මෙවලම් නොමැතිව වේගයෙන් එකලස් කළ හැකි මෙම පාලම් මගින් ගමනාගමනය ඇනහිට ඇති ප්‍රදේශවල ප්‍රවාහන සබඳතා නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

Latest News
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026