General30 August 2026

නීතිවිරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලින් සති දෙකකදී පුද්ගලයින් 33ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ ධීවර පරීක්ෂක කාර්යාල ඒකාබද්ධව දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 33 දෙනෙක් සහ ඩිංගි යාත්‍රා 18ක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

අගෝස්තු මස 16 වැනි දින සිට 27 වැනි දින දක්වා කාල සීමාව තුළ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් ත්‍රිකුණාමලය ඉලන්කන්තෙයි, ලංකාපටුන, බ්ලැක් පොයින්ට්, අරිසිමලේ, නිලාවේලි, කල්කුඩා, කොක්කුතුඩුවායි, අඩුක්කුපාඩු, කොකනට් පොයින්ට්, මඩකලපුව, යාපනය වෙත්තලකේනි, කඩ්ඩයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් දියත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, කෝකිලායි, යාපනය සහ මඩකලපුව යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ කල්කුඩා හා නිලාවේලි යන පොලිස් ස්ථාන වෙත භාර දුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes