ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ ධීවර පරීක්ෂක කාර්යාල ඒකාබද්ධව දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 33 දෙනෙක් සහ ඩිංගි යාත්‍රා 18ක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.
අගෝස්තු මස 16 වැනි දින සිට 27 වැනි දින දක්වා කාල සීමාව තුළ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් ත්‍රිකුණාමලය ඉලන්කන්තෙයි, ලංකාපටුන, බ්ලැක් පොයින්ට්, අරිසිමලේ, නිලාවේලි, කල්කුඩා, කොක්කුතුඩුවායි, අඩුක්කුපාඩු, කොකනට් පොයින්ට්, මඩකලපුව, යාපනය වෙත්තලකේනි, කඩ්ඩයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් දියත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, කෝකිලායි, යාපනය සහ මඩකලපුව යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ කල්කුඩා හා නිලාවේලි යන පොලිස් ස්ථාන වෙත භාර දුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
Latest News
ඉන්දීය මුදල් ඇමති සහ ලෝක බැංකු ප්‍රධානියා අතර හමුවක්
Local
02 September 2026
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් ඇරඹෙයි
Local
02 September 2026
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා, අක්‍රමිකතා රැසක් පවතිනවා: විපක්ෂ නායක සජිත්
Local
02 September 2026
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
Local
02 September 2026
චමරි සිය ක්‍රිකට් දිවියේ හොඳම ICC ශ්‍රේණිගත කිරීම හිමිකර ගනී
Local
02 September 2026
එල් නිනෝ ගැන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් දැනුම්දීමක්
Local
02 September 2026
දරුවන් සදහා විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී අමෙරිකාවෙන් නව නීති
Local
02 September 2026
ඉරාන යුද්ධය මැද චීන ජනපති ඊජිප්තුවට
Local
02 September 2026
බොරතෙල් මිල තවත් ඉහළට
Local
02 September 2026
ජුනි අවසන් වන විට මෙරට සමස්ත ණය ඩොලර් බිලියන 97 පනී
Local
02 September 2026