22 වැනි සංශෝධනය හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් රටේ ප්රජාතන්ත්රවාදය කෙලෙසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අද (31) විපක්ෂ නායක කාර්යාලයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
පක්ෂ මූලස්ථානවලට අවශ්‍ය පරිදි යෞවන සමාජ හා සිවිල් ආරක්ෂක කමිටු පත්කරමින් අධිකරණයට ද බලපෑම් එල්ල කරන යුගයක් නිර්මාණය වී ඇති බවත්, එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට පවා බාධා සිදුවන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රටේ සංවර්ධනයේදී මෙන්ම ආපදා අවස්ථාවලදී රාජ්‍ය නොවන හා සිවිල් සංවිධාන ඉටුකරන සේවය ඉහළ අගයක් ගන්නා බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නියාමනය සිදුනොකර බලහත්කාරයෙන් ඒවා පාලනය කිරීමට උත්සාහ නොකළ යුතු බවයි.
වත්මන් රජය ක්රමයේ වෙනසක් පොරොන්දු වී බලයට පැමිණියද අද වන විට ගොවි, ධීවර හා ව්‍යවසායකයන් මත දැඩි රාජ්‍ය පීඩනයක් එල්ල කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.
රජයේ මෙම මර්දනකාරී වැඩපිළිවෙළට සහ ප්රජාතන්ත්රවාදය අහෝසි කිරීමට එරෙහිව සමස්ත ජනතාවම එකට පෙළගැසිය යුතු බවත්, ප්රජාතන්ත්රවාදය සුරැකීම වෙනුවෙන් සිවිල් සමාජය සමග නිරන්තරයෙන් පෙනී සිටින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

Latest News
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026