අමෙරිකානු යුද හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු මෙම ධුරය දැරුවේ මාස 18කට ආසන්න කාලයක් වන අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමග මාස ගණනක් පැවති මතභේදයකින් අනතුරුව ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වයස අවුරුදු 41ක් වන ඩ්‍රිස්කෝල්, අමෙරිකානු ඉතිහාසයේ එම තනතුරට පත්වූ ලාබාලතම යුද හමුදා ලේකම්වරයා ලෙසද සැලකෙනවා.
ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කළ බවත්, හමුදා මෙහෙයුම්වලදී විශිෂ්ට නායකත්වයක් ලබාදුන් බවත්, ධවල මන්දිරය සඳහන් කර තිබෙනවා.
ඩ්‍රිස්කෝල් හඳුන්වා ඇත්තේ ට්‍රම්ප්ගේ “ඩ්‍රෝන් විශේෂඥයා” ලෙස බවත්, යුද ක්ෂේත්රයේ නව තාක්ෂණයන් භාවිත කිරීම කෙරෙහි ඔහු දැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ අතර, ඔහු පසුගිය වසරේ රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡාවලදීද ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු විදේශීය නායකයින් හමුවීමටද කටයුතු කර තිබුණා.
ඩ්‍රිස්කෝල්ගේ ඉල්ලා අස්වීමත් සමග මෑත කාලයේ අමෙරිකානු හමුදා ක්ෂේත්රයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු ඉවත්වීමද විශේෂත්වයක්.
නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් අප්‍රේල් මාසයේදී හදිසියේ ඉල්ලා අස්වූ අතර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද මෑත කාලයේ ධුරවලින් ඉවත්ව තිබෙනවා.
පීට් හෙග්සෙත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දස දෙනෙකුට වැඩි පිරිසක් ධුරවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඩ්‍රිස්කෝල් සහ හෙග්සෙත් අතර පැවති මතභේදවල නිශ්චිත කරුණු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඩ්‍රිස්කෝල් 2007 වසරේදී අමෙරිකානු යුද හමුදාවට එක්වී නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර, 2009 වසරේදී ඉරාකයේද සේවය කර තිබෙනවා.

Latest News
22ක නඩු විභාගයේදී තරුණ නීතිඥයන් ගත් ශක්තිමත් ස්ථාවරය අගයමින් සාලිය පීරිස්ගෙන් සටහනක්
Local
03 September 2026
පලතුරු වගාවට නව රක්ෂණයක්
Local
03 September 2026
ලකුණු 5ට කඩුලු 7ක් සමග හැට්රික් එකක්: චමරිගෙන් ඓතිහාසික පන්දු යැවීමක්
Local
03 September 2026
"වාචික පිළිතුරු අයිතිය අහිමි කිරීම සහ විනිසුරු මඬුල්ල ගැන ගැටලු රැසක්" - 22ට එරෙහි නඩු විභාගය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් බරපතළ කනස්සල්ලක්
Local
03 September 2026
රහස් පෙදෙසේ කැළැල් වාර්තාවක් සොයා තරුණියකට හදිකළ බුද්ධි අංශ සැරයන්
Local
02 September 2026
ගෝනගල කන්දේ ගින්න අක්කර 200ක පැතිරිලා
Local
02 September 2026
'වරමක් තියෙනවා' කියා ශාන්ති කර්මයක් කළ තරුණයා අවසානයේ ගඟට බිලිවෙයි
Local
02 September 2026
රේඩා සභාපති ඉල්ලා අස්වෙයි
Local
02 September 2026
DCSL PLC මෙරට Most Valuable Spirits Brand ලෙස ඇගයීමට
Local
02 September 2026
සිසුවෙකු පැහැරගැනීමට උත්සාහ කළ සිව්දෙනෙකු රිමාන්ඩ්
Local
02 September 2026