General01 September 2026

අධි බලැති යතුරුපැදි 4ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට

අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි හතරක් සමග සැකකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය, විතිකුලිය, කොබෙයිගනේ සහ තුත්තිරිපිටිය යන ප්‍රදේශවල පදිංචි 18 සහ 22 අතර වයස්වල පසුවන්නන්.

අදාළ යතුරුපැදි සියල්ල ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes