International01 September 2026

නේපාලයේ හදිසි ගංවතුරින් මියගිය ගණන 1,000 ඉක්මවයි: 4,400කට වැඩි පිරිසක් අතුරුදන්

නේපාලයේ ඇති වූ දරුණු හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

අලුත්ම වාර්තා අනුව මේ වන විට පුද්ගලයින් 4,462 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

නේපාලයෙන් මරණ 987ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 3,916 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

පුද්ගලයින් 11,814 දෙනෙකු මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

චීනයෙන් මරණ 16ක් වාර්තා වන අතර පුද්ගලයින් 546 දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes