General01 September 2026

හැටන් - කොළඹ පාරට ගල් පෙරළීමේ අවදානමක්

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගල් සහ ගස් කිහිපයක් කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

මාර්ගයට ඉහළින් පිහිටි රක්ෂිතයේ ඇති විශාල ගල් සහ ගස් කිහිපයක් මෙසේ කඩා වැටීමේ අවදානමක පවතින බවයි ඔවුන් පවසන්නේ.

පසුගිය දිනවල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමග එම ස්ථානයෙන් පස් සමග ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබුණා.

ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණු අතර එම පස් සහ ගල් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළද, මෙසේ අවදානමක පවතින විශාල ගල් සහ ගස් ඉවත් කිරීමට පියවර ගෙන නැහැ.

එබැවින් අවදානම් සහිත ගල් සහ ගස් වහාම ඉවත් කිරීමට මැදිහත් වන ලෙස‍යි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.


Related recommendation
Hiru TV News | Programmes