General02 September 2026

එල් නිනෝ ගැන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් දැනුම්දීමක්

එල් නිනෝ තත්ත්වය හමුවේ ලොව බොහෝ රටවලට වැසි වැඩි වුව ද ශ්‍රී ලංකාව ඇතුළු ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවලට දැඩි උණුසුම් කාලගුණය සහිත නියං තත්වයක් පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

1950 වසරෙන් පසු ලොව ඇති වූ ලෝක ව්‍යවසන තත්වය මෙම එල්නිනෝ තත්වය හැදින්විය හැකි බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes