General02 September 2026

නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ලබන 04 වැනිදා පෙරවරු 9ට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කැඳවීමට අනුව නාමල් රාජපක්ෂ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීන බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙක් හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දක්වමින් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඔහුට අදාළව කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට කැඳවීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes