General02 September 2026

සිසුවෙකු පැහැරගැනීමට උත්සාහ කළ සිව්දෙනෙකු රිමාන්ඩ්

අකුරැස්ස, තෙලිජ්ජවිල ප්‍රදේශයේදී අවුරුදු 9ක් පමණ වයසැති පිරිමි ළමයෙකු පැහැරගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ළමයා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී සැකකරුවන් නිවසට ඇතුළු වී ඔහුගේ දෑත් රෙදි කැබැල්ලකින් බැඳ පැහැරගෙන යාමට උත්සාහ කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිම්බඩ සහ හුලංදාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

සැකකරුවන් සිව්දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes