General03 September 2026

හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවා තිබෙනවා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඒ අනුව මේ වන විට ඔහු
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

දෙහිවල
-  ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග ද පසුගිය අඟහරුවාදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවා තිබුණේ ද ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළවයි.
Related recommendation
Hiru TV News | Programmes