General04 September 2026

හිටපු තානාපති මහින්ද සාමාන්‍ය පාස්පෝට් එකක් ගන්න පෝලිමේ

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා එම කාර්යාලයට ගිය බව අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පවසනවා.

එහිදී සේවයේ නිරත සියලු නිලධාරීන් ඉතා උපකාරශීලීව සහ කාර්යක්ෂමව කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් සියලු දෙනා වෙත සිය ස්තූතිය පළ කරන බවද හිටපු තානාපතිවරයා සිය සමාජ මාධ්‍ය සටහනක් මගින් සඳහන් කර තිබෙනවා.

“අද සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට ගියා. එහි සිටි සියලු දෙනාම ඉතා උපකාරශීලීව සහ කාර්යක්ෂමව කටයුතු කළා. ඔබ සැමට බොහෝම ස්තූතියි!” යනුවෙනුයි ඔහු එම සටහනේ දක්වා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes