පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි : පිස්කල් හා සිතාසි භාර නිලධාරියා රටින් පැනලා
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්සිත ගුණරත්න හෙවත් කුඩු සළිඳුට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු දෙකකට අදාළ නඩු ගොනු අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ එම අධිකරණයේ පිස්කල් හා සිතාසි භාරදෙන්නෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විදේශගතව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, හික්කඩුව - තලාගස්දෙණිය - ලීනාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු, නඩු ගොනු අස්ථානගතවීම සම්බන්ධයෙන් පැමිණිල්ල සිදුකළ පසුදින එනම් පසුගිය 02 වැනිදා බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බවයි.
නඩු ගොනු අස්ථානගතවීම සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පසුගිය 01 වැනිදා පානදුර දකුණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ අනුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එහිදී අධිකරණයේ සේවයේ නිරත සැකසහිත නිලධාරිනියන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අතුරුදන්ව ඇති නඩු ගොනු දෙකෙන් එකක් කුඩු සළිඳුගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ බව කියන මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩුවක ගොනුවක් වන අතර, අනෙක් ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළ බව සඳහන්.
පසුගිය 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අදාළ නඩුව කැඳවා ඇති අතර, එහිදී නඩු වාර්තාව සොයාගැනීමට නොහැකිවීම හේතුවෙන් උප ගොනුවක් මගින් නඩුව කැඳවා 31 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.
ඉන් අනතුරුව සිදුකළ සොයා බැලීමේදී නඩු ගොනු අස්ථානගතව ඇති බව අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, නඩු ගොනුවල පිටපත් ලබාගැනීම සඳහා ඒවා කාර්යාල කාර්ය සහායකයෙකු වෙත ලබාදී තිබූ අතර, පසුව ලේඛනාගාරගත කර තිබූ බවයි.
මේ අතර, නඩු ගොනු අස්ථානගතවීම සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමටද නියමිතව තිබෙනවා.
විදේශගතව ඇති අධිකරණ සේවකයා සම්බන්ධයෙන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නඩු ගොනු අස්ථානගතවීම පිටුපස කිසියම් පුද්ගලයෙකුගේ මැදිහත්වීමක් තිබේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකයි.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් සහ පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ලගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.

Latest News
ගැටුමෙන් ගැටුමට - මාරයා ළඟ නතර වූ පාලටුවේ ගමන
Local
09 September 2026
ප්‍රබල මත් ජාවාරමකුගේ ගෝල කල්ලියක් කොටුවෙයි
Local
08 September 2026
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026