General05 September 2026

මහ කනදරාවෙන් T 56 ගිනි අවියක් සහ පතොරම් රැසක් හමුවෙයි

අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගයේ, මිහින්තලේ මහ කනදරා වැව ආසන්නයෙන් T 56 ගිනි අවියක්, මැගසින් ගැබ් 04ක් සහ උණ්ඩ 25ක් සොයාගෙන තිබෙනවා.

මහ කනදරා වැව ආසන්නයේ මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් සිටින අතර, එම වැඩ කටයුතුවල නිරත වී සිටි පුද්ගලයෙක් සැකකටයුතු පාර්සලයක් දැක ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි පොලිසිය එම සැකකටයුතු පාර්සලය පරීක්ෂා කර තිබෙනවා.

මේ පිළිබඳව මිහින්තලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes