General05 September 2026

GSP+ වෙළෙඳ සහනය 2029 වසර තෙක් සුරක්ෂිතයි

ශ්‍රී ලංකාවට හිමි GSP+ වෙළෙඳ සහනය 2029 වසර දක්වා සුරක්ෂිතව පවතින බවත්, නව ක්‍රමවේදයක් යටතේ යළි අයැදුම් කිරීම සඳහා වසර දෙකක කාලයක් හිමිවන බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝර් පවසනවා.

ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – බෙනලක්ස් ව්‍යාපාරික සභාවේ 31 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඉදිරියේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පූර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් වෙත ගමන් කළ යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes