International05 September 2026

ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට

රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් ඇති කර ගැනීමේ උත්සාහයන් තීව්‍ර කරමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් මෙම සති අන්තයේදී රුසියාව සහ යුක්රේනයේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ඔවුන් අද (05) රුසියාවට ගොස් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර, හෙට (06) යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාළ සාම සාකච්ඡා සඳහා තමන් සමග යුද්ධය අවසන් කිරීමේ යෝජනාවක්ද රැගෙන යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, රුසියාව සහ යුක්රේනය අතර පවතින මතභේද තවමත් විසඳී නොමැති අතර, සාම ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වය එකඟ කර ගැනීම අභියෝගයක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes