වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම විනාශ කරන ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම ආසනයේ ලුණුගම්වෙහෙර නව නගරයේදී පැවැති ගොවි ගැටලු සොයා බැලීමේ ජන හමුවක් අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, වත්මන් පාලනය පුරවැසි සහභාගීත්වය අඩු කිරීමේ ජාතික සැලසුමක් ක්‍රියාත්මක කරමින් ප්රජාතන්ත්රවාදී ඉඩකඩ සංකෝචනය කරමින් සිටින බවයි.
යෞවන සමාජ නිලවරණවලින් ආරම්භ වූ මෙම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ගය සිවිල් ආරක්ෂක කමිටු හරහා ගොස්, මේ වන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තනි මතයට රට පාලනය කිරීම දක්වා ව්‍යාප්ත කර ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයාගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මුළු රාජ්‍ය යාන්ත්‍රණයම තනි පක්ෂයක නියෝග මත ක්‍රියාත්මක කරමින් සදාකාලිකව බලයේ රැඳී සිටීම බවයි ඔහු සඳහන් කළේ.
විපක්ෂයේ සිටියදී විදුලි බිල 33%කින් අඩු කරන බවට, වරායේ ගොඩබාන මිලට ඉන්ධන දෙන බවට, තරුණයන්ට රුපියල් ලක්ෂ 12ට විට්ස් කාර් ලබාදෙන බවට සහ වී කිලෝවට රුපියල් 150ක ස්ථාවර මිලක් දෙන බවට දුන් කිසිදු පොරොන්දුවක් ආණ්ඩුව ඉටුකර නොමැති බව විපක්ෂ නායකවරයා පැවසුවා.
ඉන්ධන සහ ගෑස් විශාල මුදලකින් වැඩි කර, පසුව සොච්චම් මුදලකින් අඩු කරමින් ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වන බවටද ඔහු මෙහිදී චෝදනා කළා.
'ගොවි පුතා' ලෙස බලයට පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අද වන විට හේන් ගොවිතැන පවා තහනම් කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය විනාශ කර ඇති බවත්; වී, ගොඩබෝග, එළවළු, පළතුරු සහ අපනයන බෝග ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තයම පතුලටම කඩා වැටී ඇති බවත් මෙහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය, පළාත් පාලන බලය සහ විධායක ජනාධිපතිකම තිබූ පමණින් ආණ්ඩුවට ප්‍රබල යැයි සිතිය නොහැකි බව මතක් කර දුන් විපක්ෂ නායකවරයා, 2019 දී ලක්ෂ 69ක ඡන්ද ලබාගත් ජනාධිපතිවරයාට ජනතාව පාරට බැසීම නිසා ගෙදර යාමට සිදු වූ අයුරු ආණ්ඩුව සිහි තබාගත යුතු බවද සඳහන් කළා.

Latest News
ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා
Local
08 September 2026
AI අනිසි භාවිතයට එරෙහිව චීන උත්තරීතර අධිකරණයෙන් රතු එළියක්
Local
07 September 2026
ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000 කපා හැරීමට සූදානම්
Local
07 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026
මුවර්ස් සහ SSC අන්තර් ක්‍රීඩා සමාජ එක්දින අවසන් තරගයට
Local
07 September 2026
නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර
Local
07 September 2026
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026
නිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Local
07 September 2026
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026