General06 September 2026

තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

පවුල් ආරවුලක් හේතුවෙන් තම පියාට පහරදී මරා දැමූ බව කියන මාතලේ උකුවෙල පදිංචි 16 හැවිරිදි පුත්‍රයෙක් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසනවා.

මාතලේ පොලිස් වසමේ උකුවෙල ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රීයේ සිදුවූ මෙම පහරදීමෙන් මරණයට පත්ව ඇත්තේ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්.

පවුල් ආරවුලක් මත ඇති වූ ගැටළුවක් දුරදිග යාමෙන්, මරණකරුගේ පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

අවුරුදු 16 ක බාලවයස්කාර සැකකරු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, මාතලේ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes