ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය කුඩරප්පු වෙරළ ප්‍රදේශයේ ඊයේ (05) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සමඟ යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුහුදු කූඩැල්ලන් 673 ක් සහ ධීවර ආම්පන්න ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබු බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය මඟින් යාපනය කුඩරප්පු වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කිරීමේදී, නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් මඟින් එකතු කර ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 51 ත් 56 ත් අතර මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පවසන්නේ.
අත්අඩංගුවට පත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
Latest News
උසස් පෙළ විශ්වවිද්‍යාල ප්රවේශයේ II වන වටයේ ලියාපදිංචිය ඇරඹේ
Local
10 September 2026
ඥානසාර හිමියන්ට දුන් මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කෙරේ
Local
10 September 2026
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
Local
10 September 2026
ඇපල් සමාගමෙන් පළමු Foldable iPhone දුරකථනය එළිදක්වයි
Local
10 September 2026
හිටපු ගුවන් හමුදාපති FCIDයට පැමිණෙයි
Local
10 September 2026
රන් ආලේපිත ගිනි අවි සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාරදෙයි
Local
10 September 2026
අගෝස්තු මාසය ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාසය බවට පත්වෙයි
Local
10 September 2026
පාකිස්තානයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
Local
10 September 2026
මෙරටට තවම එල් නිනෝ තත්ත්වයක් නොමැති බව නාරා ආයතනය කියයි
Local
10 September 2026
ඉරානය අතට ගිය අමෙරිකානු දිය යට ඩ්‍රෝන යානය ප්‍රතිනිර්මාණය කිරීමේ අවස්ථාවක්
Local
10 September 2026