General06 September 2026

නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන් අතර විශේෂ හමුවක් අද කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණා.

ඒ පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන්.

හමුවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ සහ ජානක වක්කුඹුර ඇතුළු පක්ෂ නායකයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔවුන් සඳහන් කළේ, කුමන බාධක පැමිණියද මේ මස 12 වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ ජන රැලිය අනිවාර්යයෙන්ම පවත්වන බවයි.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවටද ඔවුන් චෝදනා කළා.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන අභියෝගය රාජපක්ෂවරුන් බවත්, ඔවුන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පොදුජන පෙරමුණේ නියෝජිතයින් ප්‍රකාශ කළා.

මේ අතර, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවද, එය ජනමත විචාරණයකට යොමු කළහොත් ජනතාව සමඟ එක්ව එය පරාජය කිරීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කළා.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බවද පොදුජන පෙරමුණේ නියෝජිතයින් අවධාරණය කළා.
Related recommendation
Hiru TV News | Programmes