General06 September 2026

මාදම්පේ පොල් ලී ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් සහ ලී ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක අද (06) සවස හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

මෙම ගින්න පාලනය කිරීම සඳහා හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගින්න පාලනය කර නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටිනවා.

ගින්නට හේතුව සහ සිදුව ඇති ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් ‍තොරතුරු තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes