International07 September 2026

දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පස්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් සිසුන් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර තවත් සිසුන් රැසක් එහි සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිල්ලි විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි 'Hostel Daze' නමැති මෙම පිරිමි සිසු නේවාසිකාගාරය කඩා වැටෙන අවස්ථාවේදී එහි බිම් මහලේ (Basement) අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වන අවස්ථාවේදී සිසුන් රැසක් සිය කාමර තුළ රැඳී සිට ඇති අතර, ඇතැම් සිසුන් සුන්බුන් අතර සිට දුරකථන ඇමතුම් ලබා දෙමින් උපකාර ඉල්ලා ඇති බවද ප්‍රදේශවාසීන් පවසනවා.

සිද්ධිය සැලවීමත් සමඟ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF), ගිනි නිවීම් හමුදාව සහ පොලිසිය එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

අනතුරට ලක්වූ ගොඩනැගිල්ල වසර 40-50 ක් පමණ පැරණි එකක් බව පැවසෙන අතර, පූර්වාරක්ෂක පියවරක් ලෙස ඒ අසල පිහිටි අනෙක් නේවාසිකාගාර ගොඩනැගිල්ලේ සිටි පිරිස්ද ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes