General07 September 2026

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගයේ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද (07) දහවල් 12:00 ට පෙර ගොනු කිරීමට හැකියාව පවතිනවා.

අදාළ පෙත්සම් විභාගය අවසන් කරමින්, මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නිවේදනය කළේ.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15ක් ගොනු කර තිබූ අතර ඒවා දින දෙකක් පුරා ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණා.

එම පෙත්සම්වලින් සඳහන් කර තිබුණේ මෙම සංශෝධිත පනත් කෙටුම්පත තුළින් අධිකරණ බලය කප්පාදු වීම මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes