General07 September 2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ 32.4 කිලෝමීටර් කණුව ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මැද ආරක්ෂිත වැට මතට ගොස් නතර වීමෙන් අද (07) පෙරවරුවේ අනතුරක් සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය, නඩත්තු කටයුතු සඳහා වෝටර් බැරියර් යොදා ආවරණය කර තිබූ ස්ථානයක එම මාර්ග බාධක ද අනතුරට ලක් කරමින් ඉදිරියට ඇදී ගොස් මෙලෙස ආරක්ෂිත වැට මත පතිත වී තිබෙනවා.

මෙම අනතුරින් අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටට, මාර්ග බාධකවලට මෙන්ම අනතුරට ලක්වූ මෝටර් රථයටද දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී රථවාහන ගැලනිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes