General07 September 2026

සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

කෙසේ වෙතත්, ඩෙංගු රෝගීන් වාර්තා වීම සාපේක්ෂව පහළ අගයක් පෙන්නුම් කරමින් සැප්තැම්බර් මාසයේ ගෙවුණු දින හය තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 991 දෙනෙක් පමණයි.

සමස්ත රෝගී සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම අගය 20,527 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ.

ඩෙංගු රෝගය වැළඳීමෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 73ක්.
Related recommendation
Hiru TV News | Programmes