හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍ර යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් මුදල් විසුද්ධීකරණ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම වැළැක්වීමට තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට තිබූ විශේෂ අභියාචන පෙත්සම යෝෂිත රාජපක්ෂ විසින් අද (07) ඉල්ලා අස්කර ගනු ලැබුවා.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණා.
මෙම පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් පාරිස් කියා සිටියේ තම සේවා දායකයා අදාල චෝදනාවට වරදකරු කළහොත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේදී අදාල තර්කය ඉදිරිපත් කිරීමේ අයිතිය තබාගෙන මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි.
නීතිපති යනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ඊට එකඟත්වය පළ කළ බැවින් අධිකරණයෙන් ඊට අවසර ලැබුණා.
මෙම පෙත්සම්කරුට සහ ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ "කුමන්ත්‍රණය" නමැති චෝදනාව ඉදිරිපත් කර තිබූ බවද පෙතසමේ සඳහන්.
ඉන්පසුව මෙම නඩුකරයෙන් ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරිය නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් ඒ අනුව දෙදෙනෙකුට එරෙහිව "කුමන්ත්‍රණය" නමැති චෝදනාවක් ඉදිරිපත් කර තිබියදී ඉන් එක් විත්තිකාරියක් නිදහස් කළ අවස්ථාවක පෙත්සම්කාර තමන්ට එරෙහිව පමණක් අදාල චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා තිබුණා.
ඒ අනුව අදාල චෝදනාව ඔහුට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළත් මහාධිකරණ විනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම්කරු කියා සිටියේ.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙස ලෙස ඉල්ලා ප්රතිශෝධන පෙතසමක් අභියාචනාධිකයින්ට ඉදිරිපත් කළ නමුත් එම පෙත්සම නිස්ප්රභ කළ බවද පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියා.
එම තීරණයෙන් අගතියට පත්වීමෙන් පසු පෙත්සම්කරු මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
පෙත්සම්කරු වෙනුවෙන් අශෝක බරන් සමග නීතිඥ හෆීල් පාරිස් පෙනී සිටියා.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර පෙනී සිටියා.
Latest News
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව අගයමින් ITAK පක්ෂයෙන් නිවේදනයක්
Local
08 September 2026