General07 September 2026

“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

පිරිසිදු, විධිමත් සහ පරිසර හිතකාමී රටක් ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ මහජනතාව අතර සබැඳියාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ වුණේ පසුගිය මස 08 වනදායි.

ඒ අනුව, කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (07) පැවැති අතර එහිදීයි මෙම වැඩසටහනේ දෙවන අදියර සම්බන්ධයෙන් අවදානය යොමුව ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes