General08 September 2026

රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීම සඳහායි.

කතානායකවරයා ලබා දී ඇති අවසරයට අනුව ඔහුව පාර්ලිමේන්තුව වෙත රැගෙන යන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න ප්‍රකාශ කර සිටියේ.

නාමල් රාජපක්ෂට, ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට අවසර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය හරහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes