General08 September 2026

ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට

මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට අදාල නඩුවක් යළි ඔක්තෝබර් මස 02 වැනිදා යළි කැඳවන ලෙස මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (08) නියෝග කළා.

ඒ, මෙම නඩුව අද (08) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් නමැත්තා එම කාර්යාංශය විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, මෙම නඩුව යළිත් ලබන 02 වැනිදා කැඳවීමයි අධිකරණයෙන් නියෝග නිකුත් වුණේ.
Related recommendation
Hiru TV News | Programmes