General08 September 2026

හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කිරීමට පියවර ගත් අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු හදිසියේම අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ අත්සනින් යුක්තවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙත යොමු කර ඇති එකී ලිපිය මගින් දක්වා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගයෙන් අඩපණ නොවී, 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය වෙත එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බවයි..
Related recommendation
Hiru TV News | Programmes