General09 September 2026

ගැටුමෙන් ගැටුමට - මාරයා ළඟ නතර වූ පාලටුවේ ගමන

මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පාලටුව උනැල්ල හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් ඊයේ (8) දින පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අකුරැස්ස සිට මාතර දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ මාතර සිට අකුරැස්ස දෙසට ධාවනය වූ තවත් යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු එක් යතුරුපැදිකරුවෙකු ඒ ආසන්නයෙන් ධාවනය වූ බස් රථයකට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනෙක් යතුරුපැදිකරු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes