General09 September 2026

FitsAir ඩුබායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සහ එහි බලපෑම් හේතුවෙන්, කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ FitsAir ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් 06 වැනිදා සිට කොළඹ - ඩුබායි ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

කලාපයේ තත්ත්වය මත පදනම්ව ලබන නොවැම්බර් මාසය වනවිට මෙම ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව FitsAir සමාගම නිවේදනය කර තිබෙනවා.

මේ හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව පළ කරන FitsAir සමාගම, මෙම කාලය තුළ මගීන් ලබාදෙන ඉවසීම සහ අවබෝධය අගය කරන බවද සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හැකි ඉක්මනින් යළිත් මගීන් පිළිගැනීමට බලාපොරොත්තු වන බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes